-
ලොවක් රසවිදින නර්තනය .
“දනන් සිත් රදනා
සුලලිත චලන ලීලා
මැවෙයි නම් යම් තැන
නැටුම යන නම ලබයි සුන්දර .”
නර්තනය යනු විශ්ව භාශවකි.කුමන ජතියක ආගමක කුමන භාෂාවක් කතා කළ ද; නර්තනය රසවිදිමට මිනිසා යන සත්ත්වයා ට හැකිය .ඒ මන් ද යත්, ගසට පොත්ත මෙන් නර්තනය නම් වු විශ්වීය සංකලනය මිනිසගේ රසවින්දනයට බද්ධ වී ඇති නිසාම ය. අප සියල්ලෝම සංගීතයක් ඇසෙන අවස්ථාවේ දී එම සංගීතයේ භාවය රසවිදින විට ශරීරය ස්වයංව රිද්මයානුකූලව චලනය වන්නේ මේ නිසාවෙනි.එහෙත් අද පවතින දියුණු හා තරගකාරී ජන සමාජය තුල ඇතැමුන් තමා ගැනවත් නොසලකා මුදල් පසු පස හබා යමින් වේහෙසකාරී ජීවන රටාවක ගමන් කරති.එය හේතු කොට ගෙන ඔවුනට නර්තනයේ යෙදිමට නොහැක.
නර්තන ශිල්පීන් මෙන් ම නර්තනය රසවිදින්නන් ද බිහි වී ඇත්තේ මේ නිසාවෙනි.නර්තනය ශිල්පීන් විසින් වැඩ ලෝකය තුල සිර වී ඇති මනුෂ්‍යයා ස්වල්ප මොහොතකට හෝ තම වෙහෙස කාරිත්වය අමතක කොට ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාධ්‍ය හරහා ජීවමාන වු ද, මනෝ ලෝකයට ගෙන යමින් අස්වාදයක් ලබා දීම අරමුණු කර යි.විදින්නාට හොඳ වින්දනයක් ලබා දීම පරමාර්ථ කර ගනි.එම නිසා ම අද ලොකය තුල නර්තනය ප්‍රාසංගිකව පැතිර යන අතර ලෝකයා ද නර්තන නරඹා රසවිදිමින් අස්වාද ලැබිම ප්‍රිය කරති.භරත මුණිගේ නට්‍ය ශ්‍රස්ත්‍ර ග්‍රන්ථයට අනුව නර්තනයට අදිපති වන්නේ ශිව දෙවියන් වේ.සංගීතය , නාට්‍ය හා චිත්‍ර යන කලා ඒකකයන්ගේ එකතුවක් වන නර්තනය සතර අභිනය මගින් තාලානූකූලව හා රිද්මයානුකූලව චලන දක්වමින් රස උත්පාදනය කරන බව එතුමා සදහන් කරයි.කෙසේ වෙතත් නර්තනය රටින් රටට වෙනස් වන අතර තම රටෙහි අනන්‍යතාව හා සංස්කෘතිය ලෝකයා හමුවේ පෙන්වීම ට ද නර්තනය භවිතා කරනු ලැබේ .උදාහරණ ලෙස ,
*ශ්‍රී ලංකාවේ උඩරට ,පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදයන් ද.
*ඉන්දියාවේ භරත ,කථක් ,කථකලි හා මණිපූරී යන සම්ප්‍රදයන් ද .
*රුසියාවේ රුසියානු ජන නැටුම් ද .යන ආදිය තම රටෙහි අනන්‍යතාව හා සංස්කෘතිය ලොව ට පෙන්වීම සදහා පුරාණ නර්තනයන් භවිතා කරන ආකරය මෙලෙස පෙන්වා දිය හැකිය .
ලෝකය තුළ මේ වන විට පුරාණ සංස්කෘතික නර්තනයන් ද නර්තනය ශිල්පීන් විසින් ප්‍රාසාංගීක තලයට ඔසවා ඇති බැවින් නවීන වූ නර්තනය ,එනම් “හිප්-පොප් නර්තනය ,බැලේ නර්තනය “වැනි මෑතකලීනව බිහි වූ නර්තනයන් සමග කරට කර තරගයක් ලබා දෙමින් නර්තනය ලෝකය පුරා දවසින් දවස අලුත් වන මිනිස් සිත් ඇද බැද ගන්නා විශය පතයක් බවට පත්ව අවසාන ය.
නර්තන ශිල්පීයකු වීම ආඩම්බර විය යුතු කරුණකි.ඒ මන් ද යත් නර්තනය සමාජ සේවයක් වන බැවිනි .ගෝත්‍රික නැටුම් ,ගැමි නැටුම් ,සම්ප්‍රදායික නැටුම් ,නවීන නැටුම් යන මේ කවර හෝ නැටුමකින් ඉටු කරනුයේ තරගකාරී ලෝකයේ මිනිසුන් ගේ වීඩාව සංසිදලීම ය.මේ නිසා නර්තනය විදින්නාට වඩා නර්තනයේ යෙදෙන්නා සතුටක් හා වින්දනයක් ලබ යි.
අද මුළු ලොවක් රස විදින වීශ්වීය සංකලන යේ විශ්ව භාශවක් ලේස නර්තනය පෙන්වා දිය හැකි ය…මං විශ්වාස කරනවා මේක කියවපු ඔයා නැටුම් ගැන මොන යම් හෝ දෙයක් දැන ගන්න ඇති කියලා .ඉතින් ඔයාල ගේ යාළුවන්ටත් දැන ගන්න මේක shear කරන්න .ඔයා ගේ අදහස් ,මගේ වැරැදි අඩුපාඩු පහලින් comment කරන්න .තවත් මේ වගේ ම නැටුම් ගැන විස්තරයකින් හමු වෙමු .ජය වේවා!
contacts https://www.facebook.com/profile.php?id=100082522145015